May 01, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

දුම්රිය මැදිරි යාචක රජදහනක්

දුම්රියවල සිඟමනේ යෑම තහනම් කර ඇතත් දුම්රියවල සිඟා කෑමේ යෙදෙන පිරිස ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන බව දුම්රිය මගීහු කියති.

මෙම පිරිස් අතර සැබෑ යාචකයන්ට වඩා ව්‍යාජ යාචකයන් බහුලව සිටින බව පෙන්වා දෙන දුම්රිය මගීහු මගී තදබදය සහිත කාර්යාල දුම්රියවලද මොවුන් සිඟමනේ යෙදීම නිසා දැඩි අපහසුවකට මුහුණපෑමට තමන්ට සිදුව ඇති බව පවසති.

දුගඳ හමන වණ හා තුවාල බෙරකොට හා සමාන පාද ඇති බරවා රෝගීන්, මුත්‍රා බෝතල් එල්ලාගත් පුද්ගලයන්, බිලිඳු දරුවන් හා පාසල් වයසේ දරුවන් රැගත් මවුවරුන්, අන්ධයන් ඇතුළු යාචක වෘත්තියේ යෙදෙන්නන් දුම්රියේ සිඟා කෑමට පෙලඹෙන්නේ කෙටි කාලයක් තුළ දහස් ගණනක් මගීන්ගෙන් සිඟමන් යැදීමෙන් අති විශාල ආදායමක් ලබා ගැනීමට ඇති හැකියාව නිසා බව ඔවුහු පෙන්වා දෙති.

මේ පිළිබඳ දුම්රිය ආරක්‍ෂක අධිකාරි සේනක ජයසිංහ මහතා පවසන්නේ දුම්රිය තුළ වෙළෙඳාම හා යාචක වෘත්තිය සපුරා තහනම් බවයි.

Rate this item
(0 votes)