May 01, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

දඹදිව පින් පෙට්ටිවල ටොන් 20ක ලංකාවේ කාසි

ශ්‍රී ලංකාවෙන් දඹදිව වන්දනාවේ යන බැතිමතුන් විසින් එහි සිද්ධස්ථානවල පින් පෙට්ටිවලට දමන ලද කාසි ටොන් 20ක් පමණ ප්‍රයෝජනයට ගත නොහැකිව මලුවල ගොඩගසා තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඉන්දියාව තුළ ශ්‍රී ලංකා කාසි ගනුදෙනු කළ නොහැකි බවත් ඒවා මෙරටට ගෙන ඒමට ගුවන් ගාස්තු ලෙස විශාල මුදලක් වැය වන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙයි. එමෙන්ම මෙම මුදල් ශුද්ධ පවිත්‍ර කර ගණන් කිරීම, ප්‍රවාහන සඳහා ඇසිරීමටද තවත් අතිරේක පිරිවැයක් දැරීමට සිදු වන බවද හෙතෙම සඳහන් කරයි.

කෙසේ වුවද මෙම කාසි නිෂ්පාදනය කිරීමට එහි වටිනාකම මෙන් දෙගුණයක් පමණ වැය වන බැවින් එම කාසි තොගය මෙරටට ගෙන ඒමට පියවර ගන්නා බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරයි.

මේ අතර මෙරට වෙළෙඳ පළේ පවතින මාරු කාසි හිඟය මගහැරවීම සඳහා රුපියල, රුපියල් 2,5 සහ රුපියල් 10 වටිනා කාසි රුපියල් මිලියන 2100ක් කඩිනමින් මුදාහැරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රකාශකයෙක් පැවසුවේය.

දිවයිනේ ප්‍රදේශ රැසක රුපියලේ සිට රුපියල් 10 දක්වා වූ මාරු කාසි හිඟයක් පවතින බැවින් ජනතාව බලවත් දුෂ්කරතාවලට පත්ව සිටිති.

බොහෝ පෞද්ගලි බස්රථවල රුපියල් 13,17,22 වශයෙන් මාරු කාසි වෙනුවට රුපියල් 15,20,30 වශයෙන් දුන් විට ඉතිරි මුදල් වශයෙන් රුපියල් 2,3,7 ආපසු මගීන්ට ලබා නොදීමට කොන්දෙසා්තරවරු පුරුදු වී සිටිති. මගීන් ඉතිරි මුදල් ඉල්ලූ විට බොහෝ කොන්‍ෙදාස්තරවරුන් පවසන්නේ මාරු කාසි නොමැති බවයි.

එමෙන්ම බොහෝ සිල්ලර වෙළෙඳ සල්වල රුපියල, රුපියල් 2,3 වැනි ඉතිරි මුදල් වෙනුවට ටොෆි, ගිනිපෙට්ටි වැනි පාරිභෝගිකයන්ට අනවශ්‍ය ද්‍රව්‍ය ලබාදෙන බවද ජනතාව මැසිවිලි නඟති.

මහ බැංකුවෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු පැවසුවේ වෙළෙඳපළේ සංසරණය වන සිල්ලර කාසි පාරිභෝගිකයන් අතට පත්වූ විට ඒවායින් වැඩි ප්‍රමාණයක් දරුවන්ගේ ඉතුරුම් ලෙස කැටවල තැන්පත් කරන බවත් සිල්ලර කාසි හිඟයට එයද එක් හේතුවක් බවත් මහ බැංකුව පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 July 2014 11:13