May 01, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

පලස්තීන - ඊශ්‍රායල් ගැටුමට ලංකාව මැදිහත් වෙයි

පලස්තීනයේ ගාසා තීරයේ සිදුවන ගැටුම් නතර කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඊශ්‍රායලයෙන් ඉල්ලීම් කිරීමට ආණ්ඩුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විදෙස් රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සමග සාකච්ඡා පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව විදෙස් රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමගම දුරකථන මාර්ගයෙන් නිල නොවන මට්ටමින් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වා තිබේ. පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් සමගද මෙරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් දුරකථනයෙන් සාකච්ඡා පවත්වා ගාසා තීරයේ වත්මන් තත්ත්වය පිළිබඳ තොරතුරු විමසා තිබේ.

ගැටුම්වලින් මියගිය පලස්තීනුවන් වෙනුවෙන් සිය කනගාටුවද ප්‍රකාශ කර ඇත. මේ අතර ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරුන් පිරිසක් පසුගියදා එක්වී ගාසා තීරයේ සිදුවන ඝාතනවලට විරෝධය දැක්වීමට තීරණය කර ඇත. ඒ අනුව ඔවුන් විසින් මේ  සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශ නිකුත් කරමින් ගැටුම් නවතන ලෙස ඉල්ලා සිටීමටද නියමිතය.

Rate this item
(0 votes)