May 01, 2024

සභාපති ලුහුබැඳ පැමිණි වාහන දෙක ලියාපදිංචි කර නැහැ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා ලුහුබැඳ ආ බව කියන යතුරුපැදිය සහ ත්‍රිරෝද රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැතැයි පරීක්‍ෂණවලදී අනාවරණය වූ බව අගමැති දි. මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී කීවේය.විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ස්‌ථාවර නියෝග 23/2 යටතේ කළ ප්‍රකාශයට පිළිතුරු දුන් අගමැති දි. මු. ජයරත්න මහතා මෙසේද කීය.

උපුල් ජයසූරිය මහතාගේ පැමිණිල්ල සත්‍ය බවට අනාවරණයවී තිබෙනවා. එහෙත් ඔහු ලුහුබැඳ යතුරු පැදියේ ආ අය කවුද, ඔවුන් කුමකට ආවාද යන්න මෙතෙක්‌ සොයා ගැනීමට නොහැකිවී තිබෙනවා.  ජයසූරිය මහතාගේ නිවස වෙත මුර සංචාරක අත්පොතක්‌ දමා තිබෙනවා. දිවා රෑ මුර සංචාරයට පොලිස්‌ නිලධාරීන් යොදවා තිබෙනවා.

ඉහත සැකකටයුතු යතුරුපැදිය හා පුද්ගලයන් ගැනත්, ත්‍රිරෝද රථය ගැනත් තොරතුරු සොයා ගැනීමට උපුල් ජයසූරිය මහතා ගමන් ගත් මාර්ගයේ සවිකර ඇති සීසීටීවී කැමරා දර්ශන මගින් හඳුනාගැනීම් කිරීමට පරීක්‍ෂණ කෙරෙනවා. දැනට කළ පරීක්‍ෂණ අනුව ජයසූරිය මහතා ලුහුබැඳ ආ යතුරුපැදියේ සහ ත්‍රිරෝද රථයේ අංක ව්‍යාජ අංක බවට අනාවරණයවී තිබෙනවා.

එම රථ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැති බවත් වාර්තා කර තිබෙනවා. යතුරු පැදියේ අංකය 4042 ත්‍රිරෝද රථය 207-5314. මේ අංක කාණ්‌ඩ එකතු කළ විට 13 ලැබෙන බව මෝටර් රථ කොමසාරිස්‌ වරයා පවසා තිබෙනවා. අංක 13 ට බොහෝ දෙනා අකමැති නිසා එවන් අංක නිකුත් කිරීම අත්හිටුවා ඇතැයිද කොමසාරිස්‌වරයා දැනුම්දී තිබෙනවා

Rate this item
(0 votes)