May 01, 2024

ඉන්දීය ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 7ක් මරුට

ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් උත්තර් ප්‍රදේශ්හි සීතාපූර් දිස්ත්‍රික්කයේදී අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කරයි.

බැරලී ප්‍රදේශයේ සිට අලහබාද් වෙත පියාසර කරමින් තිබියදී අද පස්වරුවේ එම අනතුර සිදුව ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.

එම හෙලිකොප්ටර් යානය අනතුරට පත්වන අවස්ථාවේදි 7 දෙනෙකු එහි ගමන් කර ඇති අතර බරල්ලි හෙලිකොප්ටර් බලඝනයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුද එහි සිටින බව වාර්තා වෙයි.

අනතුරට සුළු මොහොතකට පෙර යානයේ නියමුවා ගුවන් පාලක මැදිරිය අමතමින් පවසා ඇත්තේ යානයේ කාර්මික දෝෂයක් හටගෙන ඇති බවයි.

 

Rate this item
(0 votes)