May 01, 2024

(UPDATE-4) ඇල්ජීරියානු ගුවන් යානයේ "කළු පෙට්ටිය හමුවේ"

බුර්කිනා ෆාසෝ සිට ඇල්ජීරියාව බලා පුද්ගලයන් 116 දෙනෙකු සමග ගමන් කරමින් තිබියදි අනතුරට ලක් වූ ඇල්ජෙරි ගුවන් සේවයට අයත් AH 5017 ගුවන් යානයේ කළු පෙට්ටිය  ප්‍රංශ හමුදාව විසින් සොයාගෙන ඇතැයි ප්‍රංශ ජනාධිපතිවරයා වන ෆ්රැන්කොයිස් හොලන්ඩේ සඳහන් කර ඇත. 

අනතුරට පත් යානයේ ඇති කළු පෙට්ටි දෙකෙන් එක් කළුපෙට්ටියක් මාලිවල ගොසී ප්‍රදේශයේ තිබී සුන්බුන් අතරින් සොයගෙන ඇති අතර මෙම අනතුරෙන් වැඩිම සංඛ්‍යාවක් මිය ගොස් ඇත්තේ ප්‍රංශ ජාතිකයන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් යානය අනතුරට පත් වූයේ අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් යැයි විශ්වාස කලත් එම අනතුරට හේතුව ත්‍රස්ථවාදී ක්‍රියාවක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Rate this item
(1 Vote)