May 01, 2024

කැළණි සරසවි සිසුවියක් හදිසියේ මියයයි

කැළණිය විශ්වවිද්‍යාලයේ තෙවන වසර ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් හදිසියේ මියගොස් ඇති බවට වාර්තා වේ.

මෙම ශිෂ්‍යාව නාට්‍ය පුහුණු අවස්ථාවකදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර පසුව මියගොස් ඇතැයි වාර්තා වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ තෙල්දෙනිය ප්‍රදේශයේ පදිංචි සුරේශිකා නානයක්කාර නැමැති ශිෂ්‍යාවකි.

Rate this item
(0 votes)