May 21, 2024

ඇමති රෙජිනෝල්ඩ්ගේ වාහනය ලොරියක ගැටේ

සුළු අපනයන අමාත්‍ය රෙජිනෝල්ඞ්කුරේ මහතාට අයත් පුද්ගලික ජිප් රථයක් අද පෙරවරුවේ කළුතර නගරයේ කහ ඉර අසලදීලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. 

අනතුර සිදුව ඇත්තේ කෘෂිකර්මදෙපාර්තමේන්තුවට අයත් ලොරි රථයක් සමඟ වන අතර එහි ගැටීමෙන් අමාත්‍යවරයාගේඉන්ටකූලර් වර්ගයේ වාහනයට දැඩි හානි සිදුවී ඇතැයි වාර්තා වෙනවා. 

අනතුරට පත්වන අවස්ථාවේ දී අමාත්‍යවරයා සිය රථයේ සිට නොමැති බවයි අනාවරණය වන්නේ.

Rate this item
(0 votes)