May 22, 2024

ඇසළ පෙරහර මාධ්‍ය අනුග්‍රහායට මෙවරත් නෙත් එක්වෙයි

ඇසළ පෙරහර මංගල්ලය වෙනුවෙන් නෙත් මාධ්‍ය ජාලය මෙවරත් මූල්‍ය අනුග්‍රහය ලබා දෙනවා.

ඒ සඳහා වූ චෙක්පත දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලමහතා වෙතනෙත් මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වැඩසටහන් පර්යේෂණ) නුවන් ලියනගේ මහතා විසින් පරිත්‍යාග කරන ලදී.ශ්‍රී දළදා මාළිගාවේ රන් ආයුධ මණ්ඩපයේදී මෙම උත්සවය පැවැත්වුණ අතර එමඅවස්ථාවට ඇසළ පෙරහර මංගල්ලයට මූල්‍ය අනුග්‍රහය ලබාදෙන අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නියෝජිතයන්ද සහභාගී විය.

නෙත් මාධ්‍ය ජාලය වසර තුනක සිට ඇසළ පෙරහර මංගල්ලය වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහය ලබා දෙනු ලබන අතර මේ සඳහා මූල්‍ය අනුග්‍රහය දෙනු ලබන එකම මාධ්‍ය ආයතනයද වෙයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 July 2014 14:26