May 22, 2024

විදුලි ඒකකයක් රුපියල් 7කින් නගී

වසරේ මුල් මාස 4තුළ ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 18යි දශම 6ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර ඇති බව මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් වසර මැද නිකුත් කළ රාජ්‍ය මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ දැක්වේ.

විදුලිබල අංශයේ රාජ්‍ය ආයෝජනය පළමු මාස 4තුළ රුපියල් මිලියන 957ක් බව එම වාර්තාවේ දැක්වේ. රුපියල් මිලියන 534ක මුදලක් ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ ගෙවීම් සඳහාද පැරණි ලක්ෂපාන, නව ලක්ෂපාන සඳහා අනෙකුත් බලාගාර පුනරුත්ථාපනය සඳහා වැයවී ඇති බව මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ.

වසරේ මුල් මාස 4 තුළ සියයට 50 ක්ව පැවති ජල විදුලිබල උත්පාදනය සියයට 19යි දශම 5 දක්වා පහත වැටී ඇත.

පසුගිය වසරේ විදුලි ඒකකයක් උත්පාදනය සඳහා රුපියල් 17 යි ශත 70 ක මුදලක් වැයවූ අතර එය මේ වනවිට රුපියල් 24 යි ශත 37 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මීට අමතරව වසරේ මුල් මාස 4තුළ මූල්‍ය ආයතන සඳහා නොපියවූ බැංකු ණය වශයෙන් රුපියල් මිලියන 44,340ක හිඟ මුදලක් පවති.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 25 July 2014 14:32