May 21, 2024

මීලඟ පොලිස්පති ජනපති ආරක්ෂක ප්‍රධානියාද?

පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා සිය ධුරයෙන් ඉවත්ව යාමට නියමිත බව වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

පොලිස්පතිවරයාගෙන් හිස් වන පුරප්පාඩුවට ජනාධිපති ආරක්ෂක ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.එස්. වික්‍රමසිංහ මහතා පත්කිරීමට නියමිත බව එම වෙබ් අඩවියේ දැක්වේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.එස්. වික්‍රමසිංහ මහතා එම තනතුරට පත් කිරීමට සූදානම් වන්නේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ තවත් නිලධාරීන් ගණනාවක්ම සිටියදී බව වාර්තා වෙයි.

එම ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ නිලධාරීන් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා සහ උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ප්‍රමුඛත්වයේ සිටී.

(Lankatruth)

 

Rate this item
(0 votes)