May 22, 2024

කතරගම කපුරාලට අධිකරණයෙන් සහනයක් 

රුහුණු කතරගම මහා දේවාලයේ කපුරාල කෙනෙකු ලෙස තේවාවන් කිරීමට පී.ආර්. අධිකාරම් මහතාට අවස්ථාව ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත. 

පී.ආර්. අධිකාරම් මහතා එම දේවාලයේ පාරම්පරික කපු මහතෙකු වශයෙන් උරුමකම් කියන බව පවසා තිබේ. පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට මෙම නියෝගය නිකුත් කර ඇත. 

මේ පිළිබඳව මහාධිකරණයේ සහ ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ දීර්ඝ නඩු විභාගයන් සිදු කෙරිණ. පී.ආර්. අධිකාරම් මහතාට කතරගම මහදේවාලයේ තේවා කටයුතු නොදී සිටීම නීතිවිරෝධී බව එහිදී තීරණය කර ඇත.

 

Rate this item
(0 votes)