May 21, 2024

මුස්ලීම් ඇඳුමට කරදර කළොත් විදුහල්පතිවරුන්ට වැඩ වරදී

මුස්ලිම් මව්වරුන්ට ඔවුන්ගේ පාරම්පරික හිජාබ් ඇඳුමින් පාසල්වලට ඇතුළු වීම තහනම් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර ඇත.

පසුගිය දිනෙක රාජගිරිය, ජනාධිපති බාලිකා විදුහලේ ඉගෙනුම ලබන මුස්ලිම් ජාතික දැරියකගේ මවකට පාරම්පරික හිජාබ් ඇඳුම ඇඳ පාසලට ඇතුළු වීම තහනම් කරමින් එහි විදුහල්පතිවරිය විසින් කරන ලද නියෝගයක් නිකුත් කර ඇත.

නමුත් එම නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමක සලකා බලා අගවිනිසුරුවරයා මෙම නියෝගය පනවා ඇත.

මෙම නියෝගය කඩ කරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද අගවිනිසුරු මොහාන් පීරිස් වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිවේදී සුහයිර් මහතා “අධිකරණ පිළිබඳව අපි සතුටු වෙනවා. හිජාබ් ඇඳුම පිළිබඳව සමාජයේ දුර්මත රාශියක් පැතිරී තිබුණා. මේ තින්දුවත් සමගම ඒ සියල්ල බිඳ වැටුණා. එය මුස්ලිම් ජනතාවගේ අයිතීන් තහවුරු කෙරුණ නඩු තීන්දුවක් ලෙසයි හඳුන්වා දුන්නේ.” යැයි සඳහන් කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 25 July 2014 12:55