May 21, 2024

ගැහුවා කියලා කිව්වේ නැත්තේ නඩු දාන නිසයි

තමන්ට ඉවසීමේ සීමාවක් තිබෙන බවත් අයිශේ, තමුසේ කීවාට පස්සේ හොම්බට දෙකක් අයිනවා මිස වෙන මොනවා කරන්නද යනුවෙන් වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව පැවසූවේ පසුගියදා කුරුණෑගල, මාවතගම  දොඩම්ගස්ලන්ද යා කරන ටිගොල ග්‍රාමයේ සංගිලි පාලම විවෘත කිරීමේ උළෙලට සහභාගී වෙමිනි.

"ඒ වගේම රස්තියදුකාරයින්ගේ පුත්තු විදියට අපි හැදුනේ නෑ. තමන් ගියපු පාසලෙන් පිළිඹිබු වෙනවා තමන් හැදෙන හැටි. මම කොළඹ ඉස්කෝලවලට ගියේ නෑ. මුලින්ම කනිෂ්ඨ විද්‍යාලෙට ගිහින් නාරම්මල මයුරපාදේට ගියේ . අපිට උගන්වලා නෑ අයිශේ , තමුසේ කියන දේවල්. විශේෂයෙන්ම රුපවාහිනී සංවාදවලදී. එතකොට අපිටත් තරහා යනවා. කරත්තකාරයින් තමයි ඒ වගේ කතාකරන්නේ. මම කරත්ත කාරයෙක් නෙමෙයි. අයිශේ, තමුසේ කීවාට පස්සේ හොම්බට දෙකක් අයිනවා මිස වෙන මොනවා කරන්නද. ඉවසීමේ සීමාවක් තියනවා. මම ගැහැව්වා කියලා කිව්වේ නෑ. එහෙම වුනොත් මට උසාවියෙන් නඩු දානවා." යැයි මහ ඇමතිවරයා සඳහන් කළේ ය.

"මමත් පෘතග්ජන මිනිහෙක්. තරහ ආව දැන් තරහ නෑ. ඒක ඉවරයි. මම දේශපාලඥයෙක් විදියට ආදර්ශමත්  විදියට දේශපාලනේ කරන්නේ. මම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙලා ආවෙත් සාමාන්‍ය මිනිහෙක් විදියට. මම කාටවත් ද්‍රෝහී වෙලා නෑ. ජනතාව අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දේවල් නෙමෙයි. නැවත මම ඒක කරගන්නේ නෑ. මට කුරුණෑගල ඇවිල්ලා පුරසාරම් කියන්න ඕන වුනේ නෑ." හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)