May 21, 2024

ඥානසාර හිමි ෆේස් බුක් ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය කරලා (VIDEO)

ඥානසාර හිමියන්ගේ ක්‍රියාකලාපය ෆේස් බුක් සමාගමේ ප්‍රජා ප්‍රමිති උල්ලංඝනය කරන බවට බොහෝ දෙනා වාර්තා කිරීම හේතුවෙන් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ෆේස් බුක්  සමාජ ජාල ගිණුම අත්හිටුවා ඇති බව වාර්තා වෙයි. 

බොදුබල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ෆේස් බුක් සමාජ ජාල ගිණුමේ වෛරී ප්‍රකාශ අන්තර්ගතව ඇති බව සඳහන් කරමින් ෆේස් බුක් බලධාරීන් විසින් එම ගිණුම අක්‍රිය කොට ඇත. ඒ සම්බන්ධයෙන් ෆේස් බුක් බලධාරින් ඥානසාර හිමියන්ට ෆේස්බුක් ගිණුම හරහා දැනුම් දීමක් පවා කර තිබේ.

තමන් වහන්සේගේ ෆේස් බුක් ගිණුම පමණක් නොව, ජාතික හා ජාත්‍යන්තර  වශයෙන් වෙනත් රටවල සිට ජාතිවාදී පදනමකින් තමන් සමග කටයුතු කරන බොහෝ දෙනෙකුගේ ෆේස් බුක්  ගිණුම් මේ වනවිට  අත්හිටුවීමට ක්‍රියාකර ඇති බව ඥානසාර හිමි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළහ.

ෆේස් බුක් බලධාරීන් දන්වා ඇති ලෙස තමන් වහන්සේ කිසිසේත්ම ජනවර්ගයකට හෝ ආගමකට එරෙහිව වෛරී ප්‍රකාශයක් කර නොමැති බවත් තමන් වහන්සේ පෙනී සිටියේ අන්තවාදීන්ට එරෙහිව බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 July 2014 11:28