May 21, 2024

මන්ත්‍රී තෙවරප්පෙරුම "කුඹුරු ගොඩකර" මාට්ටු

මතුගම, දියගල, ගෝකන්දයාය කුඹුරු අක්‌කර තුනක ඉඩම ගොඩ කිරීමෙන් වළකින ලෙසත් අගෝස්‌තු මස 5 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටත් පාලිත තෙවරප්පෙරුම මහතාට මතුගම අතිරේක මහෙස්‌ත්‍රාත් චමරි වීරසූරිය මහත්මිය පසුගිය 22 වැනි දා සිතාසි නිකුත් කළාය.

එම කුඹුරු ඉඩම ගොඩ කිරීමෙන් වළකින ලෙස කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට අතුරු තහනම් ආඥවක්‌ නිකුත් කරන ලෙස කළුතර ගොවිජන සේවා සහකාර කොමසාරිස්‌ නෙළුකා දිල්රුක්‍ෂි මහත්මිය අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සලකා බලමින් මෙම නියෝගය නිකුත් කළේ ය.

ගොවිජන සේවා කොමසාරිස්‌ ජනරාල්වරයාගේ ලිඛිත අවසරයක්‌ නොමැතිව ගොවිජන සේවා සංවර්ධන පනත 33/1 වගන්තිය උල්ලංඝනය කරමින් කුඹුරේ කාණු කපමින් පස්‌ ඉවත් කරමින්, නැවත පස්‌ පුරවමින් කුඹුර ගොඩ කරන බව අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් වේ.

මතුගම, දියගල, හෝකන්ද යායේ කුඹුරු ගොඩ කිරීමෙන් වලකින ලෙසත් නිකුත් කරන ලද අතුරු තහනම් ආඥාව ස්‌ථිර නොකිරීමට හේතු ඇත්නම් අගෝස්‌තු මස 5 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කෙරිණි.

අතුරු තහනම් ආඥාව අධිකරණ පිස්‌කල් මාර්ගයෙන් වගඋත්තරකරුට බාර දෙන ලෙසද නියෝග කෙරිණි.

Rate this item
(0 votes)