May 22, 2024

වෙන්නැති දේකට නොඑන බව වික්‍රමබාහු කියයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් මාදුළුවාවේ සෝභිත හිමි හා විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂවල නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විද්වත් හමුවට තමන් සහභාගි නොවන බව නව සමසමාජ පක්‍ෂයේ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි. 

පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීම පසෙක ලා වත්මන් ජනාධිපතිවරයා හරහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගැනීමට කටයුතු කරන බව සෝභිත හිමියන් ප්‍රකාශ කර තිබෙන බව ඔහු ඊයේ (24) ප්‍රකාශ කළේය. 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂවල එකමුතුවෙන් ප්‍රබල පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට යෝජිත වී තිබූ බවද හෙතෙම සඳහන් කළේය.

වත්මන් ජනාධිපතිවරයා හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගැනීම කෙසේවත් සිදුනොවන වග තමන් දන්නා නිසා එම විද්වත් හමුවට සහභාගි වීමෙන් ඵලක්‌ නොවන බැවින් ඊට සහභාගි නොවන බව වික්‍රමබාහු කරුණාරත්න මහතා අවධාරණය කළේය.

Rate this item
(0 votes)