May 22, 2024

තෙල් බෑමට ගෙනා නැවෙත් තෙල් නෑ

බොරතෙල් ඉක්මනින් ගොඩබෑමේ අරමූණින්  සිංගප්පූරු සමාගමකින් බදු ක්‍රමය යටතේ ලබාගත් නැවෙන් මෙතෙක් බොරතෙල් කඳුළක් හෝ ගොඩබෑමට කටයුතු කර නොමැති බව ඛනිජ තෙල් ජාතික සේවක සංගමය සඳහන් කරයි.

මෙම නැව වෙනුවෙන් තෙල් සංස්ථාව දිනකට ලක්ෂ 15 ක පමණ මුදලක් ලබා දෙන අතර දින 12 ක කාලයක් ඇතුලත රුපියල් එක්කෝටි අසූපන් ලක්ෂ හැත්තෑහය දහසක මුදලක් ගෙවීමට සිදුව ඇති බව එම සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා සඳහන් කළේය. 

නැවකින් නැවකට මෙම බොරතෙල් ගොඩබෑමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මෙම නැව ලබාගෙන ඇත්තේ ජුනි මස 12 වැනිදා ය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 25 July 2014 09:30