May 21, 2024

ජනපතිගේ උස අඩි 'පහයි' අඟල් 'හයයි'

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උස අඩි 5 අඟල් 6ක් බව ඊයේ (24) තිරප්පනේ මහානාම විද්‍යාලයේ පැවති "පෝෂණයයි සුව දිවියයි" වැඩසටහනේදී අනාවරණ විය.

එම වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී උස මැනීමේ ස්ථානයකදී ජනාධිපතිවරයා තම උස මැනීමට අමතක නොකළේය.

අනුරාධපුර තිරප්පනේ මහානාම මහා විද්‍යාලයේ ස්ථාපිත කරන ලද අංග සම්පූර්ණ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිසු අයිතියට පැවරිණි. 

විද්‍යාගාරය සිසු අයිතියට පැවරූ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් සිසුන් සමඟ සුහද කතාබහක නිරත විය.

දේශීය ආහාර භාවිතය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කෙරෙන ප්‍රදර්ශනයක් ද පාසල් භූමියේ සංවිධානය කර තිබූ අතර එය නැරඹීමට ද ජනාධිපතිවරයා එක් විය.

 

Rate this item
(1 Vote)
Last modified on Friday, 25 July 2014 09:28