May 21, 2024

(UPDATE 3)ඇල්ජරී යානයේ සුන් බුන් හමුවේ (VIDEO)

බුර්කිනා ෆාසෝ සිට ඇල්ජීරියාව බලා පුද්ගලයන් 116 දෙනෙකු සමග ගමන් කරමින් සිටියදී අතුරුදන් වූ ඇල්ජෙරි ගුවන් සේවයට අයත් AH 5017  ගුවන් යානයේ සුන්බුන් මාලි රාජ්‍යයෙන් හමුවී ඇති බව එරට ජනාධිපතිවරයා තහවුරු කර තිබේ.

ඒ අනුව, ගමන් ගත් යානයේ සියලු දෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර සතියක් තුළ ප්‍රධාන ගුවන් යානා දෙකක් සහ තවත් කුඩා මගී ගුවන් යානා අනතුරක් සමගින් ගුවන් අනතුරු මඟින් බිලිගත් මිනිස් ජීවිත සංඛ්‍යාව 462 කි.

ඊයේ (24) ගුවන් පාලකයන්ගේ සංඥාවලින් ගිලිහී යානය අතුරුදන් වීමට මොහොතකට  පෙර දරුණු කුණාටුවකට මුහුණ දෙමින් පැවති බව යානයේ කපිතාන්වරයා පවසා ඇති අතර මෙම යානය ස්පාඤ්ඤයේ ස්විෆ්ට් එයාර් ගුවන් සේවයෙන් කුලියට ගත් යානයක් බව වාර්තා වේ.

 

Rate this item
(2 votes)
Last modified on Friday, 25 July 2014 13:23