May 21, 2024

කොරියානු භාෂා විභාගය ලඟදීම

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සාමන්‍ය පරිදි ලබන ඔක්‌තෝම්බර් මාසයේදී කොළඹ විභාග මධ්‍යස්‌ථාන කිහිපයක පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඒ අනුව ලබන අගෝස්‌තු මාසයේදී විභාග ඉල්ලුම්පත් නිකුත් කරන බවත් 2011 වසරේ පැවැති කොරියානු භාෂා විභාගය සමත් වී කොරියාවට යාමට නොහැකි වූ අතලොස්‌සක්‌ කළ උපවාසයක්‌ නිසා කොරියානු රැකියා ලබාදීම පිළිබඳ සුළු ප්‍රශ්නයක්‌ තිබුණද එය නිරාකරණය කර ගැනීමට තමා ලබන සතියේ එරටට යන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Rate this item
(0 votes)