May 22, 2024

(UPDATE02) ඇල්ජීරියා යානය "දරුණු කුණාටුවකට" හසුවෙලා

බුර්කිනා ෆාසෝ සිට ඇල්ජීරියාව බලා පුද්ගලයන් 116 දෙනෙකු සමග ගමන් කරමින් සිටියදී මාලි රාජ්‍යයට ඉහළ අහසේදී අතුරුදන් වූ ඇල්ජෙරි ගුවන් සේවයට අයත් AH 5017 දරණ ගුවන් යානයේ සුන්බුන් මාලි රාජ්‍යයෙන් හමුවී ඇති බව වාර්තා වෙයි.

මේ බව එරට ජනාධිපතිවරයා තහවුරු කර තිබේ. ඒ අනුව යානයේ ගමන් කළ සියලු දෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරේ. 

යානය බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ දේශ සීමාවෙන් කිලෝමීටර් 50ක් පමණ ඔබ්බෙන් මාලි රාජ්‍ය තුළදී අනතුරට පත්ව ඇති බව බුර්කිනාබේ හමුදාව පවසයි.

ඊයේ (24) ගුවන් පාලකයන්ගේ සංඥාවලින් ගිලිහුණු යානය අතුරුදන් වීමට මොහොතකට පෙර එය දරුණු කුණාටුවකට මුහුණ දී ඇති බව යානයේ කපිතාන්වරයා පවසා ඇත.

මෙම යානයේ ගමන්ගත් මගීන්ගෙන් 51 දෙනෙකු ප්‍රංශ ජාතිකයෝ වෙති.

McDonnell Douglas MD-83 - Flight AH 5017 නමැති යානය ස්පාඤ්ඤයේ ස්විෆ්ට් එයාර් ගුවන් සේවයෙන් කුලියට ගත් යානයක් බව සඳහන් වේ.

මේ අතර මාලි රජයේ රූපවාහිනිය තහවුරු කළේ යානයේ කොටස් බොවුලිකෙස්සි ගම්මානයේදී හෙලිකොප්ටරයක් විසින් නිරීක්ෂණය කර ඇති බවයි.

සතියක් තුළ ප්‍රධාන ගුවන් යානා දෙකක් සහ තවත් කුඩා මගී ගුවන් යානා අනතුරක් සමග ගුවන් අනතුරු 3කින් මිනිස් ජීවිත 462ක් අහිමි වී ගියේය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 25 July 2014 07:15