May 22, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

කොරියානු රැකියා අඩුවෙයි ?

කොරියානු රාජ්‍යයෙන් ශී‍්‍ර ලංකාවට ලැබෙන රැකියා අවස්ථා මෙම වසරේ සිට අඩුවිය හැකි බව විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

කෙසේවෙතත් කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය පෙර වසරවලදී මෙන්ම මෙවරත් සාමාන්‍ය පරිදි පවත්වන බවයි අමාත්‍යවරයා කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියාසිටියේ.

" එයාලා රැකියා දෙන ප‍්‍රමානය හරි තීන්දුවක් තවම දෙන්නේ නැහැ... වර්තමානයේ ලංකාවේ ඇති වුණ උපවාසය ආදී කාරණා පිළිබදව සලකා බැලිය යුතු නිසා.... ඔක්තොම්බර් විභාගයේ වෙනසක් නැහැ... නමුත් 2011 පාස් ලමයි 25- 30 දෙනෙක් කරපු සිද්ධිය මේ වරසේ කොරියන් රැකියා ලැබෙන ප‍්‍රමානයට බලපෑමක් ඇති කරයි කියලා මට දැනෙන්නේ අපිට එවලා තියන ලියුම දිහා බැලූවාම...  "

විදෙස් රටවල සේවයේ නියුතු ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන්ගේ වැටුප් තල ඉහළ නැංවීමට විධිවිධාන සලසා ඇතැයි ද අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මෙහිදී කියාසිටියා.

ඒ අනුව විදෙස් රටක සේවයේ නියුතු ශී‍්‍ර ලාංකිකයෙකුගේ අවම වැටුප ලබන සැප්තැම්බර් හෝ ඔක්තෝම්බර් මාසයේ සිට අමෙරිකානු ඩොලර් 350 ක් දක්වා වැඩිවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

"2015 වන විට අපේ තිබ්බා ඉලක්කයක් පිටරට වැඩ කරන අයගේ අවම වැටුප ඩොලර් 350 සීමාවට ගෙන එන්න  ඕනි කියන ඉලක්කය තිබුණා... ඒ ඉලක්කය පදනම් කරගෙන තමයි 2010 ඉදලා මේ වැටුප් වැඩිවීම කරගෙන ආවේ.... ඒ ඉලක්කය 2015 සපුරා ගැනීම සදහා අවශ්‍ය කරන අවසාන පියවරත් අපි සැප්තැම්බර් ඔක්තෝම්බර් මාසයේ වෙනකොට ගන්න තීන්දු කරා කියලා තමයි කියන්න තියෙන්නේ.....  "

රටවිරු විශ‍්‍රාම වැටුප කඩිනමින් කි‍්‍රයාවට නැංවිමටද ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී කියාසිටියා.

Rate this item
(0 votes)