May 21, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

දැරියක් කෙලෙසු මහල්ලෙකුට වසර 20ක සිරදඩුවම්

බාලවයස් දැරියක් දූෂණය කළේ යැයි වරදකරු වූ මහලූ පුද්ගලයෙකුට හලාවත මහාධිකරණය අද වසර 20 ක සිරදඩුවමක් සහ රුපියල් විසි දහසක දඩයක් නියම කළේය. මෙලෙස දඩුවමට ලක්වුයේ හලාවත, මහවැව, තොඩුවාව ප‍්‍රදේශයේ පදිංචි ඇලැක්සෙන්ඩර් බලන්ඤෝ නොහොත් සන්ඩා මීයායි.

2001 වසරේ ඔක්තෝම්බර් මස පළමු වනදාත් 13 වනදාත් අතර දිනකදී අදාළ අපරාධය සිදුව තිබෙනවා. දූෂණයට ලක්වූ දැරිය ඒ වනවිට පසුවුයේ 13 වන වියේයි.‍

කෙසේවෙතත් නඩුවේ තීන්දුව ලබාදුන් අද දිනය වනවිට ඇය 26 වන වියේ පසුවනවා. දඩුවමට ලක් වූ පුද්ගලයා අපරාධය කරන අවස්ථාවේදී 58 වන වියේ පසුවූවෙක්. මෙ වනවිට ඔහුගේ වයස අවුරුදු 71 ක් වනවා.

Rate this item
(0 votes)