May 22, 2024

(UPDATE) ඇල්ජිරියානු ගුවන් යානය කඩා වැටිලා

අතුරුදන් වූ ඇල්ජිරියානු ගුවන් යානය නයිජිරියාව ආසන්නයේදි අනතුරට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

එම අවස්ථාවේදී පැවති අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් එම යානය කඩා වැටීමට ලක් ව ඇති බව අයිබී ටයිම්ස් ප්‍රවෘත්ති සේවය පවසයි. 

එම අවස්ථාවේ යානය තුළ මගීන් 116 දෙනෙකු සිට ඇති බවත් එම ගුවන් යානය බුර්කිනා ෆාසෝ සිට පියාසර කරමින් තිබියදී සියලු සබඳතා බිඳ වැටී ඇති බවත් වාර්තා වෙයි.

එම යානය ගුවන්ගත වී මිනිත්තු 50කින් පමණ සියලු සම්බන්ධතා බිඳ වැටී ඇත.

 

Rate this item
(0 votes)