May 21, 2024

හරීන්ගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

ඌව පළාත් සභා මැතිවරණයකදී බදුල්ල සහ මොණරාගල යන දිස්ත‍්‍රික්වලට මෙතෙක් ලබා දී තිබූ ආසන ගණන වෙනස් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ගොනුකර තිබූ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) ප‍්‍රතික්ෂේප කළේය.

බදුල්ල දිස්ත‍්‍රික්කයේ ආසන සංඛ්‍යාව 3කින් අඩුකර ඒවා මොණනරාගල දිස්ත‍්‍රික්කයට ලබාදීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර ඇති බව එම පෙත්සමෙන් එක්සත් ජාතික පක්ෂය පෙන්වා දී තිබේ. 

කෙසේ වෙතත් එසේ කිරීම යුක්ති සහගත නොවන බව අදාළ පෙත්සමෙන් පෙන්වා දී තිබු අතර ශ්‍රේෂ්ඨාධිකරණයේදී එය සලකා බැලූණේ අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ ති‍්‍රපුද්ගල විනිසුරු මණ්ඩලයක් විසිනි.

 

Rate this item
(0 votes)