May 21, 2024

ඇමති තොන්ඩමන්ගේ අණින් බෝඩ්ලන්ඩ් විදුලි ව්‍යාපෘතිය නවතයි

බෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතියේ වැඩ කටයුතු වහාම නතර කරන්නැයි අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා ගිනිගත්හේන ප‍්‍රාදේශීය ලේකම්වරයාට නියෝග කර තිබේ.

අමාත්‍යවරයා මෙම නියෝගය කර ඇත්තේ අඹගමුව ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අද (24) රැස් වූ අවස්ථාවේදීයි.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකෙරෙන බෝඩ්ලන්ඩ් ජල ව්‍යාපෘතිය නිසා බොහෝ පිරිස් අවතැන් වී ඇති අතර ඔවුන් සඳහා වන්දි ගෙවීම තවමත් සිදුවී නොමැති බව අඹගමුව ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී හෙළිවී තිබේ.

ඒ අනුව අදාළ ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂවරයාට මීට පෙර අවස්ථා කිහිපයකදී අඹගමුව ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වෙත කැදවීම් කර තිබිණි.

එහෙත් මේ දක්වා ඔහු හෝ ඔහුගේ කිසිදු නියෝජිතයෙකු ඒ සදහා සහභාගි වී නොමැති බව අද පැවති රැස්වීමේදී අනාවරණ වී ඇත.

එම ව්‍යාපෘතිය වහාම අත්හිටුවන්නැයි කෙරුණු නියෝගය සදහා ඒ බවද සැලකිල්ලට ගෙන ඇතැයි වාර්තා වෙයි.

 

Rate this item
(0 votes)