May 17, 2024

සේවක ණය පොලී බද්ද ජනපති නියමයෙන් ඉවතට

රජය විසින් නිකුත් කරන ලද 1857/8 දරණ විශේෂ ගැසට් නිවේදනය මගින් පනවා තිබූ බද්ද ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

ඒ අනුව බැංකු, මූල්‍ය ආයතන, රක්ෂණ ආයතන ඇතුළු ලාභ අලාභ ගිණුම් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයින්ගේ නිවාස ණය පොලී, ආපදා ණය පොලී, වාහන ණය පොලී, වෛද්‍ය වියදම් ප්‍රතිපූරණය කිරීම, අතිකාල දීමනා ඇතුළු වෙනත් දීමනා වෙනුවෙන් වූ එකී බද්ධ ඉවත් කෙරේ.

ඊයේ (21) පස්වරුවේ ලංකා බැංකු සේවක සංගමය සමග අරලියගහ මන්දිරයේ පැවති විශේෂ හමුවේදී ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.

 

 

Rate this item
(0 votes)