May 17, 2024

පකිස්තානයේ ගෙන්වූ යන්ත්‍රවලින් "හෙරොයින් මතුවෙයි"

පකිස්තානයේ කරච්චි නුවර සිට මෙරටට ගෙන එන ලද ඇබරුම් යන්ත‍්‍ර තුනක් තුළ ඉතා සූක්‍ෂම ලෙස සගවා මෙරටට ගෙන එන ලද හෙරොයින් තොගයක් සොයා ගන්නට ශී‍්‍ර ලංකා රේගුව අද (21) සමත් විය. 

අද සවස් වනවිට එක් යන්ත‍්‍රයකින් සොයාගෙන තිබුණු හෙරොයින් ප‍්‍රමාණය කිලෝ 27 කි. කරච්චි වරායෙන් නැවුගත කල කන්ටේනරයක පැටවූ එම ඇබරුම් යන්ත‍්‍ර තුළ කිලෝ එක එකහාමාර වශයෙන් පොලිතින් උරවල බහා ඉතා සූක්‍ෂම ලෙස හොරොයින් සඟවා තිබී ඇත.

ශී‍්‍ර ලංකා රේගුවට ලද තොරතුරකට අනුව ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබුණු එම කන්ටේනරය අද සවස විවෘත කර ඒ තුළ තිබුණු යන්ත‍්‍ර තුනෙන්  එකක් පරීක්ෂා කිරීමේදි සැගවූ හෙරොයින් හමුවී තිබේ. 

අද සවස 6 වනවිට එක් යන්ත‍්‍රයක් පරීක්ෂා කර අවසන් වෙමින් තිබුණු අතර ඒ තුළ හෙරොයින් කිලෝ 27 ක් පමණ තිබුණු බව රේගු ආරංචි මාර්ග අනාවරණය කළේය. 

සෙසු යන්ත‍්‍ර තූළද මේ හා සමාන ප‍්‍රමාණයක් හෙරොයින් තිබෙන්නට හැකි බව රේගුවේ විශ්වාසය පළ කරයි.

Rate this item
(0 votes)