May 17, 2024

ප‍්‍රශ්ණ පත‍්‍ර කළින් පිටවූ හැටි හෙළිවෙයි 

පිළියන්දල අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන්ට ලබාදුන් මධ්‍යවාර පරීක්ෂණයේ ප‍්‍රශ්ණ පත‍්‍ර කලින් පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් එම ප‍්‍රශ්ණ පත‍්‍රය කලින් පිටවී ඇති බව තහවුරු කරගෙන ඇත.

මොරටුව ප‍්‍රදේශයෙන් එම ප‍්‍රශ්ණ පත‍්‍රය පිටවී ඇති බවත් උපකාරක පංතියකදී එම ප‍්‍රශ්ණ පත‍්‍රය සාකච්ඡා කර ඇති බවත් අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් මේ වනවිට 12 දෙනෙකුගෙන් පමණ ප‍්‍රශ්ණ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

 

Rate this item
(1 Vote)