May 17, 2024

ඌවේ ඡන්දයට පොලීසිය වැඩ අරඹයි  

ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් පොලිස් මැතිවරණ මහ ලේකම් කාර්යාලය අද(21) සිට පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කොට ඇත.

පොලිස් පරිපාලන අංශ ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාගේ අධීක්‍ෂණයෙන් ක‍්‍රියාත්මක පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂක ලෙස සහකාර පොලිස් අධිකාරි එස්.පී.පේ‍්‍රමසිරි මහතාව පත්කර තිබේ. 

එහි ස්ථානාධිපති ලෙස ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සරත් සිල්වා මහතා කටයුතු කරනු ඇත.

ඌව පලාතේ සෑම පොලිස් ස්ථානයකම ඉදිරි දින කිහිපය තුළ විශේෂ මැතිවරණ ඒකකයක් ස්ථාපිත කෙරෙන අතර මැතිවරණයට අදාල පැමිණිළි භාර ගන්නේ එම ඒකකය මගිනි.

Rate this item
(0 votes)