May 17, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

විශාමික මේජර් ජෙනරාල් යලිත් උතුරේ වැඩ බාර ගනී

උතුරු පළාත් ආණ්ඩුකාර ධූරය සඳහා යළිත් පත් කරනු ලැබූ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි මහතා අද (21) පෙරවරුවේ සුබමොහොතින්  සිය කාර්යාලයේදී වැඩභාර ගත්තේය.

පසුගිය (11) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී චන්ද්‍රසිරි මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

2009 ජූලි මාසයේ දී උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පළමුවරට පත් වූ චන්ද්‍රසිරි මහතාගේ දෙවන ධුර කාලය පසුගිය 12 වැනිදා සිට වසර 5ක් ඉදිරියට බල පැවැත්වේ.

මෙහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ තමාගේ පෙර සේවා කාලය තුළ මෙම පළාතේ අධ්‍යාපනය, සෞඛ්‍ය, නැවත පදිංචි කිරීම, උතුරු වසන්තය යනාදියට අදාළ වැඩසටහන් ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වූ බවත්, පළාත් පාලන මැතිවරණය පවා ඉතා සාමකාමීව සියලු දෙනාගේ සහයෝගයෙන් පැවැත්වීමට හැකි වුණ බවත්ය. ඉදිරියේදීත් එම කටයුතු මෙම පළාතේ ජනතාව සමඟ සුහදව කටයුතු කරමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඔහු තවදුරටත් පැවසීය.

Rate this item
(0 votes)