May 17, 2024

හමුදාවේ මානව හිමිකම් කඩවීම් සොයන්න ජනපති කොමිසම සූදානම්

ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුද්ධයේදී ආරක්ෂක හමුදාව තම රාජකාරිය ඉක්මවා ගොස් ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කර ඇත්දැයි සොයා බලන මෙන් තමාට දන්වා ඇති බව අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමේ කොමිසමේ සභාපති, හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම පවසයි.

යුද්ධයේදී මානව හිමිකම් නීතිය කඩ වී ඇත්දැයි සොයා බැලීම කොමිසමේ විෂය පථයට එක් කර ඇත්ද යන්න කළ විමසීමකදී සභාපති, හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතා බීබීසී දෙමළ සේවයට මේ බව ප්‍රකාශ කර ඇත.

යුද්ධය පැවති සමයේ එල්ටීටීඊ සංවිධානය ජාත්‍යන්තර මානුෂීය නීතියට යටත්ව ක්‍රියා කර තිබේදැයි යන්න පිළිබඳවත් එම සංවිධානය විසින් දරුවන් යුද්ධයට බඳවා ගැනීම කෙතෙක් දුරට ජාත්‍යන්තර නීතිය කඩ කිරීමක්දැයි සොයා බැලීමත් තම විෂය පථයට එක කර ඇති බව එම කොමිසමේ සභාපති පරණගම මහතා පවසා තිබේ.

ජාත්‍යන්තර නීතිය යටතේ සාක්ෂි පිළිබඳ සොයා බැලිය යුතු හෙයින් කොමිසමට උපදෙස් ලබා දීම සඳහා ජාත්‍යන්තර නීති විශාරදයන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව එම කොමිසමේ සභාපතිවරයා වැඩි දුරටත් පැවසී ය.

Rate this item
(0 votes)