May 17, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

සිසුන්ගේ සාක්කුවට බහින ‘අයියෙක්’දැලේ

අනුරාධපුර නව නගරයේ පැවැත්වූ අතිරේක පංති සඳහා සහභාගී වීමට පැමිණෙන සිසුන්ට තර්ජනය කර කප්පම් මුදල් ලබාගත් තරුණයෙකු උතුරු මැද පළාත් විශේෂ ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිළධාරී පිරිසක් විසින් ඉරිදා(20) සවස අනුරාධපුර නව ගර බස් නැවතුම්පොළේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු කහටගස්දිගිලිය, හොරොව්පොතාන, ගළෙන්බිඳුණුවැව වැනි ප්‍ර දේශවල සිට අ.පො.ස උ.පෙළ සහ අ.පො.ස සා.පෙළ විභාගයන් සඳහා මුහුණ දීමට අතිරේක පංතිවලට සහභාගී වන සිසුන් බිය ගන්වා පහර දී ඔවුන් සතු මුදල් කප්පම් වශයෙන් ලබාගන්නා බව විමර්ශන ඒකකය අනාවරණය කරගෙන ඇත. 

ඒ අනුව ඊයේ දිනයේ අනුරාධපුර නගරයට අතිරේත පංති සඳහා පැමිණි සිසුවෙකුට නව නගර බස් නැවතුම්පොළේදී පහර දී ඔහු සතුව තිබූ අතිරේක පංති ගාස්තු මුදල වූ රුපියල් 1000ක මුදලක් සැකකරු පැහැර ගනිද්දී විශේෂ ඒකකයේ නිළධාරීන් එම තරුණයාව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කාලාන්තරයක් තිස්සේ අනුරාධපුර නව බස් නැවතුම්පළට පැමිණෙන සිසුන් බිය ගන්වා විශාල වශයෙන් කප්පම් මුදල් ලබාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ අධික ලෙස මත්පැන් පානය කිරීමට පුරුදු වී ඇති අයෙකු බවත් ඔහු කප්පම් මුදල් වලින් මත්පැන් පානය කරන බවද විශේෂ ඒකකය අනාවරණය කරගෙන තිබේ.

Rate this item
(0 votes)