May 17, 2024

යුරෝපයට ගිය සංක්‍රමණිකයන්ගේ "හුස්ම හිරවී" මරුට 

උතුරු අප්‍රිකාවේ සිට යුරෝපය බලා බෝට්ටුවකින් පැමිණි සංක්‍රමණිකයන් පිරිසකගේ ඛේදජනක මරණ සම්බන්ධයෙන් වාර්තාවක් ඉතාලි ගැලවුම් කණ්ඩායමක නිලධාරියකු විසින් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නැව් තට්ටුවට යටින් එක මත එක වැටී තිබී මළසිරුරු විස්සකට අධික ප්‍රමාණයක් තම බේරා ගැනීමේ කණ්ඩායමට හමු වූ බව එම නිලධාරියා පවසා ඇති බව බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

සංක්‍රමණිකයන් හුස්ම හිර වීමට ලක්ව ඇති බවත් කුඩා දොරකින් ඉහලට ඒමට උත්සහ කිරීමේදී නැව් තට්ටුව මත සිටි මගීන් ඔවුන්ට පහර දී නැවතත් පහලට යාමට බල කර සිටි බව දිවි බේරා ගත් අයෙක් පැවසූ බවත් එම මාධ්‍ය වාර්තා කරයි.

ලම්පේසුඩා ඉතාලි දුපතට දකුණට වන්නට යාත්‍රා කළ බෝට්ටුවක් තුල තිබී මෙම මළසිරුරු සොයා ගෙන තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 July 2014 12:18