May 17, 2024

ආණ්ඩුවේ මන්ත්‍රී නිල්වලා විඡේසිංහ අත්අඩංගුවට!

ග්‍රාම නිලධාරිවරයකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධව කුරුණෑගල දිස්‌ත්‍රික්‌ ආණ්‌ඩු පක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිල්වලා විඡේසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වෙයි. 

අනවසරයෙන් කොස්‌ගසක්‌ කැපූ පුද්ගලයකුට එරෙහිව රාජකාරි කිරීමට ගිය ග්‍රාම නිලධාරිවරයකුට පාර්ලිමේන්තු මන්ත්‍රී නිල්වලා විඡේසිංහ මහතා විසින් පහරදීම නිසා ග්‍රාම නිලධාරිවරයා පසුගිය 19 වැනි දා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.

අදාල මන්ත්‍රීවරයාගේ පහර කෑමට ලක්‌ව රෝහල් ගතකර ඇත්තේ අඹකොටේ වසම භාර ග්‍රාම නිලධාරි ආනන්ද විමලසිරි මහතායි.

ප්‍රහාරයට ලක්‌වූ ග්‍රාම නිලධාරිවරයා තමාගේ වසමේ පුද්ගලයකු නිසි අවසරයකින් තොරව පල දරන කොස්‌ ගසක්‌ කපා බිම පෙරළා ඇති බවට ලද තොරතුරක්‌ මත සොයා බැලීමට ගොස්‌ නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ අවස්‌ථාවේ එතනට පැමිණි මන්ත්‍රීවරයා තමන් සමග බහින් බස්‌ වී පහරදුන් බවට ග්‍රාම නිලධාරිවරයා පොලිසියට පැමිණිලි කර ඇත.

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 22 July 2014 08:47