May 17, 2024

දිලිත් ජයවීර "ඉසිරෙන්" රුපියල් මිලියන 500 ක් වන්දි ඉල්ලයි

ටෙල්ෂාන් නෙට්වර්ක් සමාගම පවත්වාගෙන යන ඉසිර ගුවන්විදුලි සේවයේ 'දස දෙසින් පුවත්' යන වැඩසටහනින් දිලිත් ජයවීර මහතාට අපහාසාත්මක වදන් විසිරුවා හරිමින් අපහාස කළේ යැයි පවසමින් රුපියල් මිලියන 500 ක් ඉල්ලා පවරා ඇති නඩුව අගෝස්තු 07 වැනි දා දක්වා කල් ගොස් තිබේ.

කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය හමුවේ ජූලි 17 වැනි දා කැඳ වූ මෙම නඩුවේ දෙපාර්ශවය ම පිළිගැනීම සහ විසඳිය යුතු කරුණු අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

ශාන් වික්‍රමසිංහ, සුදත් ජයසුන්දර සහ ටෙල්ෂාන් නෙට්වර්ක් සමාගම මෙහි විත්තිකරුවන් වේ.

පැමිණිලිකාර දිලිත් ජයවීර මහතා සම්බන්ධයෙන් අපහාසාත්මක වදන් දින 04 ක් එම ගුවන්විදුලියේ 'දස දෙසින් පුවත්' වැඩසටහනින් විසුරුවා හැරිය බව පැමිණිල්ලේ සඳහන් වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 July 2014 12:30