May 17, 2024

හිරේට ගිය තංගල්ල සභාපති අවුරුදු 12 කින් ගෙදර!

බරපතල වැඩ සහිත ව 20 වසරක සිර දඬුවමක් නියම වූ පුද්ගලයෙකුට බන්ධනාගාර නීතියට අනුව සිර ගෙදර ගත කිරීමට සිදුවන්නේ අවුරුදු 12 ක් සහ මාස 09 කට අසන්න කාලයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

{module LOLC}

බන්ධනාගාර ආඥා පනත්වලට අනුව වසරක සිර දඬුවමක් ලැබූ පුද්ගලයෙක් යහපත් ලෙස සිටියහොත් එම සිර දඬුවම මාස 08 ක් සහ දින 06 කින් අවසන් වේ.

බන්ධනාගාර ගත වූ සිරකරුවෙකුගේ යහපත් ක්‍රියාකලාපය මත ලකුණුදීමේ ක්‍රමයට අනුව මෙම දින ගණන් සකසා ඇත.

2011 වසරේ දී තංගල්ල නේචර් රිසෝට් හෝටලයේ දී කුරාම් ෂෙයික් මරා ඔහුගේ පෙම්වතිය වූ වික්ටෝරියා සමූහ දූෂණයට ලක් කළැයි තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු සිව්දෙනකුට 18 වැනි දා කොළඹ මහාධිකරණය විසින් වසර 40ක සිර දඬුවම් පනවා තිබේ.

එම සිරදඬුවම වසර 20කින් ගෙවී යන ලෙස පනවා ඇති අතර මාස 03ක පමණ කාලයක් කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ නඩුව විභාග විය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 July 2014 08:46