May 17, 2024

තංගල්ල සභාපතිව මාධ්‍යයෙන් වසන් කළ "බන්ධනාගාර නිලධාරීන්ට වැඩ වරදී"

තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සිරදඬුවම් නියමවීමෙන් පසු ඔහු අධිකරණයේ සිට බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරියකු තම හිස්‌ වැස්‌ම ගලවා කැමරා හසුවීම වැළැක්වීම එම සිරකරු බේරා ගැනීමට ක්‍රියා කිරීම පිළිබඳව බන්ධනාගාර මූලස්‌ථානය ඊයේ (20) පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

එක්‌ බන්ධනාගාර නිලධාරියකු පමණක්‌ නොව එදින අධිකරණයට වාර්තා කළ බන්ධනාගාර නිලධාරීන් පස්‌දෙනාම මාධ්‍ය කැමරාවලින් සභාපතිවරයා බේරා ගැනීමට තැත් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් සී. පල්ලේගම මහතා සඳහන් කරයි.

මෙවැනි සිද්ධියකදී මාධ්‍ය කැමරාවලින් සිරකරුවන් බේරා ගැනීමට ක්‍රියා කිරීම බරපතළ වරදක්‌ බවත් මෙම බන්ධනාගාර නිලධාරීන් පස්‌ දෙනා සඳහා පරික්‍ෂණයක්‌ ආරම්භ කළ බවත් බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල්වරයා පැවසීය.

මාධ්‍යයේ රාජකාරී කටයුතුවලට බාධා කිරීමේ චෝදනාව යටතේ මෙම නිලධාරීන්ට විනය පරීක්‍ෂණ පවත්වන බවද හෙතෙම පෙන්වාදුන්නේය.

තංගල්ල සභාපතිවරයා මේවන විට මිනීමැරුම් චෝදනා යටතේ සිරදඬුවම් නියමවූ සිරකරුවකු බවත් ඔහු වෙනුවෙන් බන්ධනාගාරයේ විශේෂ සැලකිලි නොමැති බවත් බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 July 2014 11:35