May 17, 2024

නිදහස් පක්ෂ අපේක්‍ෂකයින් තෝරා ගැනීම 28 වැනි දා

ඌව පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉදිරිපත් කෙරෙන අපේක්‍ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ ලබන 28 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පවසයි.

පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මේ සඳහා පත්කෙරුණු ඇමැතිවරුන් සිව් දෙනකුගෙන් සමන්විත නාම යෝජනා මණ්‌ඩලය විසින් සුදුසු අපේක්‍ෂකයන් තෝරා ගැනීමට නියමිතය.

මේ වනවිට පළාත් සභාවේ හිටපු පුද්ගලයින්ට අමතරව අලුතෙන් ඉදිරිපත්වීමට කැමති පුද්ගලයින්ගෙන්ද අයදුම්පත් කැඳවා තිබේ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ අපේක්‍ෂකයන්ගේ ලේඛනයට පක්‍ෂ නායකත්වයේ අනුමැතිය ලැබීමෙන් පසු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සෙසු සාමාජික පක්‍ෂවලට ලබාදෙන අපේක්‍ෂකයන්ද ඇතුළත් කර සන්ධානයේ නාමයෝජනා ලැයිස්‌තුව සකස්‌ කෙරෙනු ඇත.

Rate this item
(0 votes)