May 17, 2024

නාදුනන යතුරුපැදිකරුවන් "උපුල් ජයසූරියගේ නිවස" අසලටත් ඇවිත්

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතාගේ නිවස අසලද නාඳුනන යතුරුපැදිකරුවන් පැමිණ ඇති බව සඳහන් කරමින් උපුල් ජයසූරිය මහතා පොලීසියට පැමිණිලි කර තිබේ.  

තලංගම තම නිවස අසලද නාඳුනන යතුරුපැදිකරුවන් සැරි සරන බව උපුල් ජයසූරිය මහතා තලංගම පොලීසියට පැමිණිලි කර ඇති අතර පසුගිය ජුලි 15 වැනිදා ද සිය වාහනය පසුපස යතුරුපැදිකරුවන් පැමිණි බවට කුරුදුවත්ත පොලීසියට ඔහු පැමිණිල්ලක් කළේය.

යතුරුපැදිකරුවන් දෙදෙනෙකු  සැක කටයුතු ලෙස පසුගිය 15 වැනිදා හා 17 වැනිදා තම නිවස අසල සිටි බවට අසල්වැසියන් තමාට දැන් වු බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

කුරුදුවත්තේ දී නාඳුනන යතුරුපැදිකරුවන් තමා පසුපස ආ බව සිසීටීවී කැමරාවල ද සටහන් වු නමුත් මෙතෙක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැති බව උපුල් ජයසූරිය මහතා පැවසීය.

Rate this item
(0 votes)