May 17, 2024

ආධාරකරු බේරන්න "මන්ත්‍රී ග්‍රාම නිලධාරිවරයාට පහරදෙයි"

අනවසරයෙන් කොස්‌ගසක්‌ කැපූ පුද්ගලයකුට එරෙහිව රාජකාරි කිරීමට ගිය ග්‍රාම නිලධාරිවරයකුට කුරුණෑගල දිස්‌ත්‍රික්‌ ආණ්‌ඩු පක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිල්වලා විඡේසිංහ මහතා විසින් පහරදීම නිසා ග්‍රාම නිලධාරිවරයා පසුගිය 19 වැනි දා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.

අදාල මන්ත්‍රීවරයාගේ පහර කෑමට ලක්‌ව රෝහල් ගතකර ඇත්තේ අඹකොටේ වසම භාර ග්‍රාම නිලධාරි ආනන්ද විමලසිරි මහතායි.

ප්‍රහාරයට ලක්‌වූ ග්‍රාම නිලධාරිවරයා තමාගේ වසමේ පුද්ගලයකු නිසි අවසරයකින් තොරව පල දරන කොස්‌ ගසක්‌ කපා බිම පෙරළා ඇති බවට ලද තොරතුරක්‌ මත සොයා බැලීමට ගොස්‌ නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ අවස්‌ථාවේ එතනට පැමිණි මන්ත්‍රීවරයා තමන් සමග බහින් බස්‌ වී පහරදුන් බවට ග්‍රාම නිලධාරිවරයා පොලිසියට පැමිණිලි කර ඇත.

තම ආධාරකරුවකුට විදුලිය සම්බන්ධතාව ලබාගැනීමට කොස්‌ගසක්‌ කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධියක්‌ මුල් කරගෙන ග්‍රාම නිලධාරියා සමග තදින් බහින් බස්‌ වුවා පමණක්‌ බව මන්ත්‍රීවරයා පැවසීය.

එසේම පහරදීමට එරෙහිව අද (21) රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ග්‍රාම නිලධාරීන් විරෝධතාවක්‌ පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 July 2014 10:53