May 17, 2024

පෙරහැරට ගිය දරුවාට හදි කරලා

දේවාලයක මංගල්‍යයක් වෙනුවෙන් පැවති පෙරහැරක නැටුම් සංදර්ශණයක් සදහා ගිය වයස අවුරුදු 14 ක් වන පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලීසිය පවසයි.

සැකකරු නිකවැරටිය - කුඩා විතිකුලියේ පදිංචි 26 හැවිරිදි අයෙකි.තමන් වෙදකම් කරන අයෙකු බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත. 

අතවරයට ලක්ව ඇති දරුවා පාසල් සිසුවෙකි. තම ගම් ප්‍රදේශය වන ආණමඩුව - ඌරියාව ප්‍රදේශයේ පිහිටි දේවාලයක මංගල්‍යයක් සදහා එම දරුවා තම පියා සමග පැමිණ ඇත. ඒ දේවාලයේ පෙරහැරේ නැටුම් ඉදිරිපත් කිරීම සදහාය. සැකකරුද දේවාලයේ මංගල්‍යයට සහභාගි වීමට පැමිණ සිටි අයෙකි.

පෙරහැර අවසානයේදී තමන්ට දිය නෑමට අවශ්‍ය බව සැකකරු අතවරයට පත්ව ඇති දරුවාගේ පියා සමග පවසා ඇත. පසුව සැකකරු එම දරුවා සමග දිය නෑම සදහා යැයි පවසා ඒ අසල වූ වැවකට ගොස් ඇත. එසේ දිය නෑමට ගිය අවස්ථාවේදී සැකකරු දරුවාට මෙම අපරාධය සිදු කර ඇත.

තම දරුවාට අපරාධයක් සිදුවී ඇති බව දැන ගෙන ඇති පියා මේ බව පොලීසියට දන්වා ඇත. ඒ අනුව සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අතවරයට පත්ව ඇති දරුවා වෛද්‍ය ප්‍රතිකාර සදහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පුත්තලම - ජුඩ් සමන්ත 

 

Rate this item
(0 votes)