May 17, 2024

බිරිඳ එක්ක වාද කළ තරුණියට සැමියාගෙන් කඩු පහර

කාන්තා හමුවකදී තම බිරිද හා වාදයකට පැටළුණු තරුණියකට කඩුවකින් පහර දී තුවාල සිදු කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය පවසයි.

ඊයේ (20) සිදුවූ මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇති පුත්තලම - කිස්ටෝපර් වත්ත පදිංචි අමරසිංහ ආරච්චිලාගේ ශලනි මල්ෂාණි පෙරේරා (අවු:22) යන අය මේ වනවිට  පුත්තලම මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.

පුත්තලම - ක්රිස්ටෝපර් වත්ත ප්‍රදේශයේ ණය වාරික එකතු කිරීමේ රැස්වීමක් පවත්වා ඇත. එහිදී තුවාල ලබා රෝහල් ගත කර ඇති තරුණිය සහ සැකකරුගේ බිරිද වාදයක පැටලී ඇති අතර රැස්වීමෙන් පසුව නිවසට පැමිණ ඇති බිරිද මේ බව තම සැමියාට පවසා ඇත. ඒ සමගම තම බිරිද සමග වාදයට පැටළුණු බව කියන තරුණිය නිවස ඉදිරිපිටින් ගමන් කරනවා දැක ඇති සැකකරු නිවසේ තිබූ කඩුවක් රැගෙන ගොස් ඇයට ඉන් පහර දී තුවාල සිදු කර ඇති බව පොලීසිය පැවසීය.

තුවාල ලබා රෝහල් ගත කර ඇති තරුණියගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. 

පුත්තලම - ජුඩ් සමන්ත 

 

Rate this item
(0 votes)