May 17, 2024

ලිබියාවේ ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් සියලු දෙනා යලි මව්බිමට 

ලිබියාවේ ඇතිවී තිබෙන තත්ත්වය හේතුවෙන් එරට සේවය කළ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටි අවසන් ශ‍්‍රමිකයින් 14 දෙනාම නිරුපද්‍රිතව එරටින් ඉවත් කරගැනීමට කටයුතු කළ බව ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ උපදෙස් මත කාර්යාංශය මගින් ඊජිප්තුවේ කයිරෝ නුවර පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය හරහා මොවුන් මුදවා ගැනීමට කටයුතු කර ඇත.

ඒ අනුව ඊජිත්තුවේ ශී‍්‍ර ලංකා තනාපතිවරයාගේ දැඩි මැදිහත්වීම මත මෙම ශ‍්‍රමිකයින් 14 දෙනා විශේෂ ගුවන්යානයකින් ඊයේ (19) ඩුබායි නුවරට රැගෙන ගොස් තිබේ.

මෙම ශ‍්‍රමිකයින් පිරිස නිරුපද්‍රිතව රැගෙන ඒම සඳහා ඊජිත්තුවේ ශී‍්‍ර ලංකා තානාපතිවරයා විශේෂ කැපවීමෙන් කටයුතු කිරීම නිසා මෙම පිරිස ඩුබායි සිට ක්වේට් හරහා අද (20)  පෙරවරුවේ විශේෂ ගුවන් යානයකින් ශී‍්‍ර ලංකාවට රැගෙන ආ බව එම කාර්යාංශය සඳහන් කරයි.

ලිබියාවේ පවතින තත්ත්වය නිසා කිසිදු ශ‍්‍රමිකයෙකුට එරට රැකියා සඳහා යාමට කාර්යාංශය අවසර ලබානොදෙන බවද එම කාර්යාංශය වැඩිදුරටත් අවධාරණය කළේය.

 

Rate this item
(0 votes)