May 17, 2024

රාජ්‍ය ආයතන 47ක සිදු වූ වංචා අගෝස්තුවල හෙළි වන ලකුණු

රාජ්‍ය ආයතන 47සිදු වූ වංචා, දූෂණ, අක්‍රමිකතා පිළිබඳ වාර්තාවක් මේ වනවිට පාර්ලිමේන්තු කෝප් කමිටුව විසින් සකස්කර ඇති බව වාර්තා වෙයි. එය 2013 වසරේ ඔක්තෝම්බර් සිට 2014 වසරේ අප්‍රේල් මාසය දක්වා බවත් රුපියල් කෝටි 30,000කට අධික දැවැන්ත මූල්‍ය වංචාවක් සිදු වී ඇති බවත් හෙළිකර ගැනීමට එහිදී සමත් වී ඇති බව පැවසේ. 

එම වාර්තාව අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.මීට පෙරද අවස්ථා ගණනාවකදී කෝප් කමිටු විසින් රාජ්‍ය ආයතන තුළ සිදු වූ දැවැන්ත මූල්‍ය වංචාවන් මේ අයුරින්ම හෙළිකර කරගෙන තිබේ. එම වාර්තා ලිඛිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් වංචාවන්ට සම්බන්ධ වැරදිකරුවන්ද හෙළි කරඇත.

නමුත් එම වංචාවන්ට සෘජුව සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වන තුරුත් නොගත් අතර ඔවුන් ඇතැම් රාජ්‍ය ආයතන තුළ තව දුරටත් එම මූල්‍ය වංචාවන් සිදුකරමින් සිටී.ආසියාවේ දැවැන්තම මූළ්‍ය වංචාවන් ලෙස වාර්තා තබා ඇති බවට හෙළි වූ මෙම වංචාවන් විදුලි බල මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව, රක්ෂණ සංස්ථාව, ගමනාගමන මණ්ඩලය, රේගුව, ආදායම් දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළත් රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් අයත් අතර 2013 වසර තුළදී පමණක් ඛණිජ තෙල් සංස්ථාව රුපියල් කෝටි 23,600ක් පාඩු ලැබූ බව එම ආරංචි මාර්ග හෙළි කරයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 20 July 2014 11:28