May 17, 2024

ඌවේ ඡන්ද පොරොන්දු නිසා යන්න පාලමක්වත් නෑ (වීඩියෝ)

බලය ලබා ගැනීමට ඡන්දය ඉල්ලා පැමිණෙන පාලකයින් බලය ලබාගත් පසුතමන්ව රවටන බව අද රටේ ජනතාව නිරන්තරයෙන් කියන කතාවකි.

මෙවර ඌව ජනතාවත් එවැනිම දෙයක් කියන්නේ ප්‍රථම වතාවට නම් නොවෙයි. ඌව පළාත් සභා බල ප්‍රදේශයේ බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීයලේකම් කොට්ටාසයේ ජනතාව බලගොල්ල පලෙයාරාව ලොග්ගල්ලා ඔයෙන් එගොඩවීමට පාලමක්නොමැති දැඩි සේ පීඩා විඳින ජනතාවකි.

මේ හේතුවෙන් ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලට බාධා එල්ලවීම, ග්‍රාමයේ ජන ජීවිතය තවත් අපහසු කර තිබේ. පාලම ඡන්ද පොරොන්දුවක් කරගෙන ජන්දය ලබාගත් පාලකයින් ඉන්පසුව තමන්ව අමතකර දැමුවේ යැයි ඔවූන් මැසිවිලි නගයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 20 July 2014 11:15