May 17, 2024

පොසොන් දන්සැල්වල දුන්නේ "ඩිසීඩි සහිත අයිස් ක්‍රිම්" 

පසුගිය පොසොන් පොහොය කාල සීමාවේදි රට පුරා පැවැත්වු අතිවිශාල අයිස්ක්‍රිම් දන්සල් ප්‍රමාණයෙන් බහුතරයක බෙදාදී ඇත්තේ ඩිසීඩි (DCD) ආශ්‍රිත කිරිපිටිවලින් නිෂ්පාදිත අයිස් ක්‍රිම් බව කාර්මික තාක්ෂණ ආයතනය (ITI) මගින් තහවුරු කර ඇත. 

ඒ පිලිබඳ පර්යේෂණ වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කර ඇති බවත් පොඩ්ඩන්ට සහ ලොක්කන්ට නීතීය දෙවිදිහියකට ක්‍රියාත්මක වීමෙන් අනිසි ප්‍රතිවිපාක අත්විදීමට සිදුවී ඇත්තේ මහජනතාවට බවත්  තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය චම්පික රණවක පැවසී ය. 

ඉදිරියේදි එවන් තත්ව ඇතිවීම වැළැක්වීමට වගකිව යුතු පාර්ශව හා නීතීය ක්‍රියාත්මක වියයුතු බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

කාර්මික තාක්ෂණ ආයතනය විසින් පසුගිය වසරේ කිරි පිටි ආශ්‍රිතව කල පර්යේෂණවලදි නවසීලන්තයෙන් ආනයනය කල කිරි පිටි  විශේෂයක DCD අන්තර්ගත බවට තහවුරු කළේය. ඒ සමගම එම අදාල පිටි ‍තොග වෙළෙඳපොළෙන් ඉවත් කරන ලෙස අදාල සමාගමට දැනුම් දුන්නද, එම කිරිපිටි වක්‍රකාරයෙන් නැවතත් මහජන පරිභෝනයට එක් කිරිමට කටයුතු කර ඇත. 

පෝෂණය හා නිරෝගීකම පිළිබඳව මහජන දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් “නිරෝගී පරපුර රටේ ශක්තියයි” තේමා කරගත් පාගමනක් ඊයේ (19) පැවති අතර එම පෝෂණ පාගමන අවසානයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 

Rate this item
(0 votes)