May 17, 2024

පෘතුගාල අගමැති දිවයිනට

පෘතුගාල අග්‍රාමාත්‍ය පෙඩ්රෝ පැසොස් කොයිල්හෝ (Pedro Passos Coelho) මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (20) දිවයිනට පැමිණියේය.

අද දිවයිනට පැමිණෙන පෘතුගාල අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. 

පෘතුගාල අග්‍රාමාත්‍යවරයා මෙරට රැඳී සිටින කාලය තුළ අගමැති දි.මු. ජයරත්න මහතා ද හමුවීමට නියමිත අතර ගාල්ලේ සංචාරයක ද නිරත වනු ඇත.

අග්‍රාමාත්‍ය Pedro Passos Coelho මහතා සිය දෙදින නිල සංචාරය නිම කරමින් හෙට (21) දිවයිනෙන් පිටත් යාමට සැලසුම් කර ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 20 July 2014 10:31