May 17, 2024

"අලුත්ගම හිමිනමක්" සිය දිවි නසා ගනී

අලුත්ගම, ගොඩල්ල ධම්මිකාරාම විහාරස්ථානයේ දී 19 හැවිරිදි හිමිනමක් ඊයේ(19) රාත්‍රී 11.30ට පමණ ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි වාර්තා වෙයි.

අදාළ විහාරස්ථානයේ කාමරයක් තුළ කඹයක් ආධාරයෙන් විදුලි පංකාවක එල්ලී අදාළ හිමිනම මියගොස් ඇති බව පොලීසිය පැවසී ය. 

බේරුවල, වලපාන පරමරමණීයාරාම විහාරස්ථානයේ වැඩ වාසය කළ නුවරඑළියේ සූදේව නමැති එම හිමිනම ඊයේ පස්වරුවේ ධම්මිකාරාම විහාරස්ථානයට වැඩම කර ඇති අතර ධම්මිකාරාම විහාරස්ථානයේ පැවති භක්ති ගීත වැඩසටහනකට සහභාගී වීම සඳහා එම හිමිනම පැමිණ ඇති බව වාර්තා වෙයි. 

තමන් ජීවිතය පිළිබඳ කළකිරී සිටින බවත් තම මව්පියන්ට සලකන ලෙසත් ඉල්ලා සුදේව හිමියන් ලියා ඇති ලිපියක් ද හමු වී තිබේ.

Rate this item
(2 votes)